හම්බන්තොට හා කොළඹ වරායන් හී භාණ්ඩ නිදහස් කර ගැනිමට කමිටුවක්

Share

මෝටර් රථ හා වෙනත් භාණ්ඩ හම්බන්තොට හා කොළඹ වරායන්ගෙන් නිදහස් කර ගැනීම සඳහා නියෝජ්‍ය පොලිස්පති පුස්සැල්ල මහතාගේ මුලිකත්වයෙන් කමිටුවක් පත් කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 

අද කොළඹ පැවති කැබිනට් මණ්ඩල මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය.

ඒ සඳහා අවසර ලබා ගැනීමට ක්‍රියා පටිපාටියක් ඇති බවත්, භාණ්ඩ නිදහස් කිරිමට ඇති ගැටළුව භාණ්ඩ අනායනයකරු විසින් විසඳා ගත යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

දේශීය සංචාරක නියෝජිතයින්ට බදු සහන ලබාදීමටත් කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

Read more

Local News