රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා උපරිම වාර්ෂික පොලියක්

Share

බලපත්‍රලාභී බැංකු මගින් ලබා දෙන රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව උපරිම වාර්ෂික පොලියක් නියම කර තිබේ.

 

කොරෝනා ව්‍යාප්තිය හමුවේ හටගත් අයහපත් ආර්ථික තත්ත්වය හේතුවෙන් රන් භාණ්ඩ උකසට තබන අඩු ආදායම්ලාභීන්ට සහනයක් සැලසීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ මූලිකත්වයෙන් මෙම තීරණය ක්‍රියාත්මකයි.

ඒ අනුව ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි පුද්ගලික ස්වර්ණාභරණ සුරැකුම් ලෙස තබා ගනිමින් මුදල් ණයට දීමේ දී අය කළ හැකි උපරිම පොලී අනුපාතය වසරකට 12% ක් වනු ඇති.

වසරකට අඩු කාලයක් සඳහා ලබා දෙන උකස් අත්තිකාරම් සඳහා මසකට 1% ක උපරිමයකට පොලී අනුපාතිකය සීමා කර තිබේ.

Read more

Local News