අද සිට කොළඹ මැනිං වෙළඳපොල විවෘතයි

Share

සති දෙකකට අධික කාලයක් වසා තැබුණූ පිටකොටුව මැනිං වෙළඳපොලේ ව්‍යාපාරික කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

 

ඒ අනුව අද දින අළුයම 04.00 සිට දහවල් 01.00 දක්වා ව්‍යාපාරික කටයුතු සිදු කෙරන බව මැනිං වෙළඳපොල වෙළඳ සංගමය සඳහන් කළේය.

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් කිහිප දෙනෙකු හඳුනා ගැනිමත් සමඟ මැනිං වෙළඳපොලේ ව්‍යාපාරික කටයුතු පසුගිය 13 වනදා සිට නවතා දැමිමට තීරණය කෙරුණි.

පිටකොටුව මැනිං වෙළඳපොළ සතියක කාලයක් වසා තැබීමට ගත් තීරණය සමඟ එම වෙළඳපොළට නිෂ්පාදන රැගෙන ගොස් විකුණන ලද වෙළදුන්ට සිය නිෂ්පාදන නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් අලවි කිරීමේ පහසුකම රජය විසින් සපයා දෙනු ලැබීය.

Read more

Local News