ශ්‍රී ලංකා – බංග්ලාදේශ – සිම්බාබ්වේ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර සිව්වන එක්දින තරඟය අද (21) පැවැත්වුණි.
කාසිය වාසිය ලබා ගත් සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට තීරණය කළේය.
ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට සියලු ක්‍රීඩකයින් දැවි රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 198ක් පමණි. ඒ පන්දු 44ක් තුළයි.
ඒ අනුව 199ක ලකුණු ප්‍රමාණයක් හඹා යාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකියින් 5 දෙනෙකු පමණක් දැවී ලකුණු 202ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කිරීමට හැකිවිය. ඒ පන්දු වාර 44.5කදී ය.
ඒ අනුව බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරඟාවලීයේ පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද දිනයේ හැකි විය. ඒ සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත් කරමිනි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තිසර පෙරේරා කඩුලු හතරක් දවා ගැනීමට සමත් විය.