රුමේනියාවේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පස් දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට විදේශ අමාත්‍යාංශය තහවුරු කර තිබේ.
උතුරු රුමේනියාවේ බොටසානි ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක සේවය කරන ශ්‍රී ලාංකිකයින් හත් දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා පසුගියදා සදහන් කර තිබුණි.
කෙසේ වෙතත් විදේශ අමාත්‍යාංශය සඳහන් කරන්නේ් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පස් දෙනෙකුට මෙලෙස කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට එරට විදේශ තානාපති අංශ මෙරට රජය දැනුවත් කර ඇති බවයි.
මොවුන් මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව ද එරට තානාපති සේවා විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුවත් කර ඇත.
මෙම ඇඟලුම් කම්හලේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් 44 දෙනෙකු සේවයෙන් ඉවත් කර ඇති අතර ඔවුන්ගෙන් හත් දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට විදෙස් වාර්තා සදහන් කර තිබුණි.
සේවයට වාර්තා නොකිරීමේ චෝදනා මත අදාළ සේවකයින් සිය ආයතනයෙන් ඉවත් කර ඇති බව ඇගලුම් කම්හලේ බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
රුමේනියාව තුළ පැතිර යන කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස සේවයට වාර්තා කර නොමැති බව වාර්තා වේ.



