රජය රුපියල් 5කින් පෙට්‍රල් වැඩි කරලා කෝටි 748 ක ක්‍රීඩාංගන හදන්න කටයුතු කරනවා – සජිත් ප්‍රේමදාස

Share

හිටපු විපක්ෂ නායක – සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දින ප්‍රවෘත්ති සාකච්ඡාවකට සම්බන්ධවෙමින් මාධ්‍යයට මෙසේ අදහස් දැක්විය

“ඊයේ මැදියම් රැයේ සිට රටටත් ජනතාවට හංගලා LIOC සමාගම octane 92 petrol මිල රුපියල් 137 සිට 142 දක්වා රුපියල් පහකින් වැඩි කරලා තියෙන්නේ රාජ්‍ය අනු දැනුම සහිතව, මම අහන්න කැමතියි ලෝකයේ තෙල් මිල පහළ යන මොහොතක තමුන්නාන්සේලාට සදාචාරාත්මක අයිතියක් තියෙන වද මේ වගේ තෙල් මිල වැඩි කිරීමක් කරන්න. තමුන්නාන්සේලා රටේ ජනතාව ගැන ද හිතන්නේ එහෙම නැත්නම් තෙල් කොම්පැනි කාරයෝ ගැන ද හිතන්නේ. මේකද සෞභාග්‍යයේ දැක්ම? මේ රටේ ජනතාවට තෙල් මිල අඩුවීමේ සහනය ලබා දෙන්න කියලා දිගින් දිගටම කියනකොට ඒක දෙන්නේ නැතුව LIOC සමාගම සමග කුමන්ත්‍රණයක යෙදිලා රජයේ ආශිර්වාදය ඇමතිවරයාගේ ආශීර්වාදය සහිතව මිල ඉහළ නැංවීම ඉතාමත්ම පහත් ක්‍රියාවක් බව මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි.

ඒ අතරතුර අක්කර 26 ක ඩොලර් මිලියන 40ක් වියදම් කරල රුපියල් කෝටි 748 වියදම් කරලා කරල අලුත්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන යක් හදන්න යනව. රටේ ජනතාව ඉල්ලන්නේ අඩුම ගානේ ආහාර ලබාගෙන නොමැරී ජීවත්වෙන්න හතර දෙනෙක් ඉන්න පවුලකට රුපියල් විසිදාහක් දෙන්න, කියලා. ඒවා කරන්නේ නැතුව කෝටි 748 කරලා අලුත්ම මාදිලියේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හදන්නට රජය සැලසුම් කරලා. අක්කර 26 තුළ මහල් නිවාස හදලා කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස නොමැති අඩු ආදායම්ලාභි පවුල් වලට බෙදලා දෙන්න පුළුවන් නේද, ඒක නේද රටේ ප්‍රමුඛතාවය, රටේ ජනතාව සහන ඉල්ලනකොට ක්‍රිකට් ක්‍රීඩාංගණ හදන එක හරිද. මිනිස්සු ඉල්ලන්නේ ජීවත් වීමේ අයිතිය. රටේ තරුණ පරපුරට රැකියා අහිමිවෙලා, කර්මාන්තශාලා වැහිලා, හාම්පුතුන්ට පඩි ටික ගෙවා ගන්න බැරිවෙලා තියෙනව, නමුත් රජය කියනවා සැබෑ තත්ත්වය එසේ වුවත් රටේ ප්‍රමුඛතාවය කෝටි 748 වියදම් කරලා ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හදන එක කියලා. මම දකිනවා මේක ඉතාමත්ම අමානුෂික අළුගෝසු දේශපාලනයක්.

මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය නැති භංග කරන දේශපාලනයක්. මෙහෙම කරන්නට එපා. අපේ රටේ පාසල් ම තියෙනවා තියෙනවා 582ක් පානීය ජල පහසුකම් නැතිව තවත් පාසල් විශාල ප්‍රමාණයක් තිබෙනවා හරිහමන් වැසිකිළි පහසුකම් නොමැතිව. මේ වගේ මූලික මිනිස් අවශ්‍යතාවයක් තිබෙන මොහොතක අඩුපාඩු රැසක් තිබෙන මොහොතක තමුන්නාන්සේලාට තෙල් මිල අඩු කරන්නටත් බැහැ, කොම්පැනි කාරයෝ එක්ක එක එක කුමන්ත්‍රණ ඩීල් දාලා රුපියල් 5කින් petrol octane 92 වැඩි කරලා ඊට අමතරව කෝටි 748 ක ක්‍රීඩාංගන හදන්න කටයුතු කරනවා.

පැහැදිලිවම මම කියනවා මේක නෙවෙයි සෞභාග්‍යයයෙ දැක්ම. මේක ජනතාව අන්ත පරිහානියට ගෙනයන ක්‍රියාදාමයක්. මේක වහාම නතර කරන්න විශේෂ මම කියන්න කැමැතියි අපි ජනතාව පෙළගස්වල මේ වගේ ජනතා විරෝධී කටයුතුවලට අපි මහ පාරට බැහැලා පොදු ජනතාව වෙනුවෙන් හඬක් නගනවා.

වහාම තෙල් මිල තිබුණු තත්ත්වයට නෙවෙයි ඊටත් වැඩිය තමුන්නාන්සේලාට අඩු කරන්න කියලා අපි බල කරනවා. ඒ වගේම අනවශ්‍ය ක්‍රිකට් ක්‍රීඩාංගන හදනවා වෙනුවට ඒ මුදල වැය කරන්න මිනිස්සුන්ට ගෙවල් වල ටික හදන්න පාසල් වල පානීය ජලය ලබා දෙන්න වැසිකිලි ටික හදන්න, පන්ති කාමර හදන්න , විද්‍යාගාර හදන්න , smart classroom හදන්න තොරතුරු තාක්ෂණ ශක්තිය අපේ රටේ පාසල් දූ දරුවන්ට ලබාදෙන එවන් ඵලදායී ව්‍යාපෘතිවලට යොමු කරන්න කියලා අප රජයට මේ අවස්ථාවේ බලකරනවා වහාම මේ ව්‍යාපෘති හකුලා ගත්තේ නැත්තං අපි ජනතාව වෙනුවෙන් මේ අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදී ව පෙනී සිටින බව කියන්න කැමතියි “

Read more

Local News