සයිබර් හිරිහැරයට ලක්වූ ලාංකික තරුණියන් දෙදෙනාගේ සහයට “WONDER WOMAN” පැමිණේ

Share

ප්‍රබන්ධ කාන්තා වීර චරිතයක්වන ‘වොන්ඩර් වුමන්’ Wonder Woman ලෙස ඇඳුමින් වෙස්ගැන්වුණු ශ්‍රී ලාංකික තරුණියන් දෙදෙනෙකු අන්තර්ජාලය ඔස්සේ හිරිහැරයට ලක්වීමට එරෙහිව හොලිවුඩ් නිළියකවන ගල් ගඩෝට්, එම තරුණියන් දෙදෙනාගේ සහයට පැමිණ සිටී.

අදාළ චරිත නිරුපණය හේතුවෙන් එම තරුණියන් දෙදෙනා අන්තර්ජාලය තුළ සමච්චලයට මෙන්ම හිරිහැරයට ලක්වන්නට වූහ.

මෑතක අතිශය ජනප්‍රිය වූ වොන්ඩර් වුමන් චිත්‍රපටයේ එම චරිතයට පණදුන් නිළි ගඩෝට් මෙන්ම එම චිත්‍රපටයේ අධ්‍යක්ෂ පැටී ජෙන්කින්ස් ඔවුන් වෙත දිරි දෙමින් ට්විටර් පණිවිඩ නිකුත් කළහ.

මේ සිදුවීමත් සමග අන්තර්ජාලය ඔස්සේ සිදුවන හිරිහැර පිළිබඳ නව කතිකාවක් ගොඩ නැගෙමින් පවතී.

කතිකාවක් ගොඩ නැගෙමින් පවතී.
ගල් ගඩෝට් නිකුත් කළ ට්විටර් පණිවිඩය

පසුගියදා කොළඹදී පැවති ‘කොමික් කොන් 2007’ උළෙලේදී ‘වොන්ඩර් වුමන්’ ලෙස සැරසීමට අමායා සුරියප්පෙරුම හා ඇගේ මිතුරිය ෂෙහානි කුරේ තීරණය කරනවිට තමන්ගේ ඡායාරූප විකෘති කොට අපහාස වන අන්දමින් අන්තර්ජාලය ඔස්සේ සංසරණය වනු ඇතැයි නොසිතූහ.

උළෙලේ පළමු දිනෙන් අනතුරුව ඡායාරූප ශිල්පීන් එම අවස්ථාවේ ගන්නා ලද ඡායාරූප ඇතුළත් මේ තරුණියන් දෙදෙනාගේ ඡායාරූප ද අන්තර්ජාලය ඔස්සේ හුවමාරු කරන්නට පටන්ගත් අතර ඒවා සියතට ගත ඇතැම් ෆේස්බුක් භාවිත කරන කණ්ඩායම් එම තරුණියන් දෙදෙනාගේ ඉදිරිපත් කිරීම සමච්චලයට ලක්කළහ.

ඒ බව හෙළිවූ පසුදා අමායාගේ උපන්දිනය විය. ඒ හේතුවෙන් ඒවා රහසක් ලෙස තබාගැනීමට ඇගේ මිතුරු මිතුරියන් උත්සාහ කළද එය ඵලක් නොවිණි.

අමායා සුරියප්පෙරුම
අමායා සුරියප්පෙරුම

“මුලින්ම මම තිගැස්සුණා” යැයි සියත සමග පැවසු ඇය “තමන් දන්නෙවත් නැති කෙනෙකුට වෛර කරන්න මිනිස්සු තමන්ගේ වටිනා කාලය වැය කරන්නේ ඇයිද කියල මම මේ ගැන වික්ෂිප්ත වුනත් ඒක මා තුළට අරගත්තේ නැහැ”

ඊට එකඟතාව පළකළ ඇය සමගම එසේ චරිත නිරූපණ ඇඳුමින් සැරසුණු මිතුරිය ෂෙහානි කුරේ “අන්තර්ජාලය හරහා ලැබුණු ප්‍රතිචාර දැක්කම වේදනාවක් දැනුන වගේම තිගැස්සුණා”

වොන්ඩර් වුමන් චරිතය ආරූඩ කරගැනීමට හේතුවුයේ එය තමන් වැනි තරුණ කාන්තාවන්ට ස්වාධීන වීමට මෙන්ම ශක්තිමත් මනසක් ඇතිකරගැනීමට එය පිටුබලයක් සපයන්නේයැයි දැනුනු නිසා බව ඇය පවසන්නීය.

ෂෙහානි කුරේ
ෂෙහානි කුරේ

මේ කිසිදු ප්‍රතිචාරයකට ප්‍රති උත්තර දෙන්නට හෝ ප්‍රසිද්ධියේ ගැටෙන්නට හෝ තමන්ට අවශ්‍ය නොවුයේ ඒ සඳහා තමන්ගේ ශක්තිය වැයකිරීමට තරම් නොවන නිසා බව අමායා සුරියප්පෙරුම පැවසුවාය.

“ඒ වෙනුවට මමත් මගේ මිතුරනුත් වගේම ශ්‍රී ලංකාවේ සමස්ත ගීක් ප්‍රජාවම එකට එක්වෙලා මේ වගේ සෑම විකෘති කිරීමක්, පොස්ට් එකක් වගේම පිටුවක් ගැනම නිහඬව වාර්තා කරනවා. එකේ ප්‍රතිඵලයක් හැටියට සමහර දෙනාගේ ඒවා ෆෙස්බුක් එකෙන් ඉවත් කෙරිලා”

වොන්ඩර් වුමන් චිත්‍රපටයේ එම චරිතයට පණදුන් ගල් ගඩෝට්
වොන්ඩර් වුමන් චිත්‍රපටයේ එම චරිතයට පණදුන් ගල් ගඩෝට්

කෙසේවෙතත් සිදුවුයේ මේ තත්ත්වය මත අන්තර්ජාලය හරහාම දැවැන්ත සහයක් ලැබෙමින් පැවතීමය.

“ශ්‍රී ලංකාවේ ගීක් සමාජයට අයත් ෆේස්බුක් පිටුවට විශාල සහයෝගයක් ලැබෙනවා. ශක්තිමත්ව ඉන්න කියල මම නොදන්නා ඇයගෙන් පණිවිඩ ලැබෙනවා” යැයි සඳහන් කළ අමායා “එය අපුරුයි” යැයි පවසයි.

“පැටී ජෙන්කින්ස් වගේම ගැල් ගැඩෝ ගෙන් ඇගයීමක් ලැබීම ඇත්තෙන්ම අපුරුයි. මම ගැල් ගැඩෝ ගේ රසිකාවියක්.”

පැටී ජෙන්කින්ස් නිකුත් කළ ට්විටර් පණිවිඩය
පැටී ජෙන්කින්ස් නිකුත් කළ ට්විටර් පණිවිඩය

ඇය මෙන්ම ෂෙහානි කුරේ ට ද ඇත්තේ ප්‍රීතියකි. ඒ තමන් ප්‍රියකරන පුද්ගලයින්ගේ ඇගයීමට ලක්වීම හේතුවෙනි.

පුළුල් සංවාදයක ඇරඹුම

මොවුන් මුහුණ පෑ තත්ත්වය, අන්තර්ජාලයේ හිරිහැර කිරීම් පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් මතුවීමට හේතු වී ඇත.

“ඇත්තෙන්ම මෙය ප්‍රසිද්ධවීම හොඳ දෙයක්.” යැයි පැවසු අමායා සුරියප්පෙරුම “මේ තරම් ප්‍රසිද්ධියක් අපට ලැබුනේ නැත්තම්, මේක අන්තර්ජාලයේ හිරිහැර සම්බන්ධ තවත් එක සිදුවීමක් පමණක්ම වෙනවා”

“නමුත් දැන් මේක හැම දෙනෙක්ම දන්නවා. ඒ නිසා, හිරිහැරය වගේම ශරීරය පිළිබඳ කෙරෙන සමච්චලය ගැන වැදගත් සංවාදයක් අප දැන් ගොඩනගලා තිබෙනවා” යැයි ද ඇය පැවසුවාය.

Wonder Woman Movie Trailer

එක් උදාහරණයක් වශයෙන් වෛරී අන්තර්ගත හෝ සයිබර් හිරිහැර නිරීක්ෂණය කර එවැනි පළකිරීම් වළකාලන ලෙස ෆේස්බුක් වෙත බලකිරීම සඳහා ඇරඹුණු පෙත්සමද දැක්විය හැක.

නමුත් අමායා සුරියප්පෙරුම පෙන්වා දෙන්නේ මෙය මේ සිදුවීම අන්තර්ජාල ලෝකයෙන් ඔබ්බට ගොස් පොදුවේ කාන්තාවන් සවිබලගැන්වීමේ පුළුල් ඉලක්කයක් සමග එය බැදී පවතින බවය.

තමන් හැදී වැඩුණු ශ්‍රී ලංකාව තුළ තත්ත්වය දෙස අවධානය යොමු කරන ඇය පලායාමෙන් හෝ සැඟවීගැනීමෙන් තොරව හෝ එම පුද්ගලයන්ගේ තත්ත්වයටම වැටී ප්‍රතිප්‍රහාර එල්ලකිරීමෙන් තොරව වෛරයට එරෙහිව නැගී සිටින කාන්තාවන්ගේ උදාහරණ රටේ සමාජය තුළින් දැකීම අවශ්‍ය වන බව පවසන්නීය.

“මා ද දකින්නට කැමති – චිත්‍රපටවලින් ද පෙන්වන ආකාරයට කාන්තාවන් ශක්තිසම්පන්නවීම සාමාන්‍ය දෙයක් විදිහට මිනිසුන් දකින්නට පටන්ගන්නකොට – තව තවත් කාන්තාවන්, හිරිහැර ඉවසා සිටීම නවත්වාවී”

Read more

Local News