ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පී වින්සන්ට් වැන්ගෝ විසින් නිමවන ලද සිතුවමක් සපයන මෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ඉල්ලීමක් බැහැර කළ නිව්යෝර්ක් හි කෞතුකාගාරයක් ඒ වෙනුවට රනින් කළ වැසිකිලියක් දිය හැකි බව දන්වා ඇති බවට මාධ්‍ය වාර්තා පළවිය.
හිම ඇතිරුණු භූමි දසුනක් දැක්වෙන වැන්ගෝ ගේ සිතුවම ධවල මන්දිරය සැරසීම සඳහා දිය නොහැකි බව දන්වමින් නිව්යෝර්ක් හි ගුගන්හයිම් කෞතුකාගාරය ඊට කනගාටුව පළකර ඇත. ඊට විකල්පයක් ලෙස “කැරට් 18 රත්‍රන් වලින් නිමවුණු වැසිකිලියක්” පිරිනැමීම එම කෞතුකාගාරයේ යෝජනාව විණි.
මේ සම්බන්ධයෙන් ධවල මන්දිරය කිසිවක් ප්‍රකාශ කර නැත.