අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක සිදුවූ අනතුර

Share

ඊයේ (09) සවස 4.20ට පමණ වැලිගම, පැලෑන අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වු දුම්රියක මොටර් රථයක් ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

පැලෑන ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය නියුතු 35 හැවිරිදි එක් දරු පියෙක් අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

නුගේගොඩ ප්‍රදේශයේ සිට පැමිණි පිරිසක් එම සංචාරක හෝටලය වෙත බස්සවා යළි එම පිරිස කොළඹ බලා රැගෙන ඒමට රථ ගාලේ සිට වාහනය රැගෙන එන අතරමඟ මෙම අනතුර සිදුව ඇත.

ඊයේ දිනයේ දී මෙම දුම්රිය හරස් මාර්ගයේ සේවය නියුතු පුද්ගලයා සිට නොමැති අතර, හරස් මාර්ගයේ විදුලි සංඥා දැල් වී නැතැයි ද ප්‍රදේශවාසීන් පවසයි.

කෙසේ වෙතත් මෝටර් රථය දුම්රියේ ගැටී මීටර 100ක පමණ දුරක් ඉදිරියට ඇඳී ගොස් මාර්ගයෙන් ඉවතට විසි වී කණුවක ගැටී නතර වී තිබේ.

පසුව ප්‍රදේශවාසීන් විසින් මහත් පරිශ්‍රමයක් දරා රියදුරු මෝටර් රථයෙන් ඉවතට ගෙන මාතර රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිට ඇත.

Read more

Local News