නවක වදය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී කිසිදු ලිහිල්භාවයකින් තොර ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසින් අවධාරණය කරයි.
විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී නවක වදය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය සඳහන් වෙයි.
මීට අමතරව නව ලොවට ගැළපෙන පරිදි විෂය නිර්දේශයන් සකස් කිරීම, රැකියා අපේක්ෂාවන් බලගැන්වීම සඳහා භාෂා පුහුණු වැඩසටහන් පැවැත්වීම, වෘත්තිය උපදේශනය සඳහා ක්රමානුකූල ප්රතිපාදනයන් ඇති කිරීම සහ විශ්වවිද්‍යාල පද්ධතියෙන් පිටත පුද්ගලයින් විශ්වවිද්‍යාල පාලක මණ්ඩලයන්ට සහ කවුන්සිලයන්ට පත් කර ගැනීමේ දී සලකා බැලිය යුතු නිර්ණායකයන් කවරේ ද යන්න සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.



