ජනපතිගෙන් ප්‍රවාහන බලධාරීන්ට උපදෙස්

Share

ප්‍රවාහන සේවා සංවර්ධනය කිරීම ආරම්භ කළ යුත්තේ බස් රථය සෝදා පිරිසිදු කිරීමේ පියවරේ පටන්ම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

 

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ප්‍රවාහන බලධාරීන් සමඟ ඊයේ (18) පැවති සාකච්ඡාවකදීය.

ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ වාහන නියාමන, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි, මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්විය.

එහිදී ජනාධිපතිවරයා බලධාරින් හමුවේ පැවසුවේ යහපත් මානසිකත්වයකින් පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීමට මගීන්ට ඉඩ සලසන ලෙසය.

බස් රථය සෝදා පිරිසිදු කර මගීන්ට අසුන්ගෙන යාමට සැලසීම ආරම්භ කරන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

මෝටර් රථයෙන් පැමිණ එය නතර කර තබා බස් රථයෙන් සේවා ස්ථානයට ගමන් කිරීමේ PARK AND DRIVE ක්‍රමය කඩිනමින් ක්‍රියාත්මත කර මාර්ග තදබදය විසඳීමේ අවශ්‍යයතාවද ජනාධිපතිවරයා නිලධාරීන් වෙත පෙන්වා දී ඇත.

දුම්රිය සහ බස් රථ ඒකාබද්ධ සේවා සහ බස් රථ ඒකාබද්ධ ධාවන කාලසටහන නොපමාව ආරම්භ කරන ලෙස අදාළ සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවාහන බලධාරීන්ට උපදෙස්  දී තිබේ.

Read more

Local News