විදුලිය පැයක් කැපෙයි

Share

ඊයේ(18) සිට ක්‍රියාත්මක වන පරිදි දින 4ක්, දිනකට පැයක කාලයක් දිවයින පුරා විදුලිය විසන්ධි කරන බව විදුලිබල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පවසයි.

 

දිවයින කලාප 4කට බෙදා ඒ අනුව අවස්ථා හතරකදී විදුලිය විසන්ධි කරන බව ඒ මහතා පැවසීය.

ඒ අනුව පස්වරු 6.00 සිට 7.00 දක්වාත්, පස්වරු 7.00 සිට රාත්‍රී 8.00 දක්වාත්, රාත්‍රී 8.00 සිට 9.00 දක්වා සහ රාත්‍රී 9.00 සිට 10.00 දක්වාත් විදුලිය විසන්ධි කරනු ලබයි.

පද්ධතියේ ජනන සැපයුම යථා තත්ත්වයට පත්වන තෙක් මෙම විදුලි විසන්ධි කිරීම සිදු කිරීමට සිදු වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙ අතර විදුලි සැපයුමේ දෛනික ඉල්ලුම අනුව අවශ්‍ය වුවහොත් පමණක් දිවා කාලයේදී ද කලාප අනුව විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කළේය.

ඒ අනුව කලාප 4 ක් සඳහා පෙරවරු 10.00 සිට පැය එකයි මිනිත්තු 45 බැගින් පස්වරු 5.00 දක්වා දිවා කාලයේ විදුලිය විසන්ධි කෙරෙනු ඇති.

එනම්, පෙරවරු 10.00 සිට 11.45 දක්වාත්, පෙරවරු 11.45 සිට පස්වරු 1.30 දක්වාත්, පස්වරු 1.30 සිට 3.15 දක්වා සහ පස්වරු 3.15 සිට 5.00 දක්වාත්ය.

Read more

Local News