මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 2902ක් දක්වා ඉහළට

Share

මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2902 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ ඊයේ (18) දිනයේ හඳුනාගත් නව රෝගීන් දෙදෙනාත් සමගයි.

සුඩාන් සිට පැමිණි අයෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දිනයේ හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ව සඳහන් කළේය.

කොවිඩ් ආසාදිතයින්ගෙන් 2755 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබේ.

රෝගීන් 136 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Read more

Local News