ඔබත් පාඩම් කරන්නේ ඇඳේ ඉදන්ද ?

Share

අද ඉස්සරට වඩා ගොඩක් වෙනස්. හැමදේම තරගකාරි වෙලා. මේ තරගකාරි ජිවන රටාවත් එක්ක පාඩම් කරනවා කියන එක ලේසි නැහැ.

 

සමහර දරුවන්ට, පවතින තරගකාරි පරිසරයත් එක්ක පාඩම් කරන එකත් දැඩ් අභියෝගයක් බවට පත්වෙලා තියෙනවා. පාඩම් කරද්දිත් විවිධාකාර ප්‍රශ්න එනවා. එහෙමත් නැත්නම් පාඩම් කරන කිසිම දෙයක් මතක හිටින්නේ නැ. ඉතින් මේ සේරම මග හරවාගෙන හරියට පාඩම් කරන කිහිපයක් ගැන බලමු.

01.මුලින්ම පාඩම් කරන්න සුදුසු ස්ථානයක් තෝරාගන්න

ඇත්තටම අපි පාඩම් කරන්න තෝරාගන්න ස්ථානය පාඩම් මතක හිටින්න ගොඩක් බලපානවා. ශබ්ද නැති නිස්කලංක පරිසරයක් තමයි මේ සදහා වඩාත් සුදුසු. ඔයාට ගෙදර පාඩම් කරන්න බැරිනම් ගෙදර උද්‍යානයේ හරි නැත්තම් පුස්තකාලය පාඩම් කරන්න යොදාගන්න. පරිසරයත් එක්ක මනස නිස්කලංක වෙලා පාඩම් කරන දේ ඉක්මනින් මතකයේ රැදෙන්න ඉඩකඩ වැඩීයි.

02.පාඩම් කරන තැන පිරිසිදුව තබා ගන්න

ඔයගේ පොත් මේසේ හැමතැනම පොත් ද? කොළ කෑල්ලිද? නැත්තම් කාමරයේ හැමතැනම ඇඳුම් ද? මුලු ගෙදරම හැඩි වෙලාද? මෙහෙම හැම දේම අපිළිවෙලයිනම් එහෙමත් නැත්තම් අපිරිසිදුනම් ඔයාගේ මනසත් නිකන්ම අවුල් ජාලයක් වෙනවා. ඒ නිසා මූලිකව තමන් පාඩම් කරන්න ගන්න තැන හොඳින් පිරිසිදු කර පිළිවෙලකට තියාගන්න.

03. ඔයා ඇඳේ ඉදන් පාඩම් කරන්න පුරුදු වෙලානම් එක මේ දැන්ම නවත්තන්න

පාඩම් කරන අයගේ ලොකුම හතුරා තමයි ඇඳ. සුවපහසුව හින්දම ගොඩක් දෙනෙක් පාඩම් කරන්න යන්නෙත් ඇඳට. ඇඳට ගියා කියන්නේ පාඩම් කරන්න වෙන්නේ නැති එක. තියන සැපටම නින්ද යනවා. ඒ නිසා ඇඳට ගිහින් පාඩම් කරන එක නවත්තන්න. පුළුවන්නම් පාඩම් කරන තැන ඇඳ පේන්නේවත් නැති තැනකින් හදාගන්න.

04.ඔයාගේ අරමුණ මොකක්ද කියලා පැහැඳිලි කරගන්න

“මට එය කල හැකියි – I can do it” කියලා හැමදාම ඔයා ඔයාටම පොරොන්දු වෙන්න. ඔයාට අවශ්‍ය මොකක්ද කියලා පැහැඳිලි අවබෝධයක් ලබා ගන්න. ඔයාට අවශ්‍ය විභාගයෙන් ඒ සාමාර්ථයක් ලබා ගන්නනම් එය ඔබට ලබාගන්න පුළුවන් කියලා විශ්වාස කරන්න. ඒ වගේම ඔයාට ලබා ගන්න අවශ්‍ය සාමාර්ථය කොළයක ලියලා ඔයා පාඩම් කරන ස්ථානයේ පේන්න අලවගන්න.

5 කාල සටහනක් සාදා ගන්න

පාඩම් කිරීම නිසි පිළිවෙලට සිදු කරන්නට නම්, ඔබ අනිවාර්යයෙන්ම කාල සටහනක් හදා ගන්න එක තමයි හොඳම දේ. මුල ඉදන් පාඩම් වැඩ බෙදාගෙන කලේ නැති නම්, විභාගය ලං වුණහම කරන්න තිබෙන වැඩ වැඩි වෙලා එක වැඩක්වත් හරියට කරගන්න බැරි වෙනවා. එකෙන් වෙන්නේ ඔයාට අනවශ්‍ය මානසික ආතතියක් ඇතිවෙන එක විතරයි. මේ නිසා පාඩම් කරන අයෙකු නිසි ලෙස කාලය කළමනාකරණය කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා.

6 කෙටි සටහන් සහ Highlight කිරීම්

ඔබේ පාඩම තුල ඇති වැදගත් කරුණු කෙටි සටහන් ලෙස වෙනම කොලයකට ගොනු කර ගන්න. එහෙමත් නැත්තම් Highlight Pen එකක් භාවිතා කර වැදගත් කරුණු Highlight කර ගන්න. පාඩමේ ඇති වැදගත් කරුණු මතක තියාගන්න ඒක ඔයාට ගොඩක් වැදගත් වේවි.

8 ඔයාගේ ආහාර රටාව ගැන සැලකිලිමත් ‍වෙන්න

පාඩම් කරන කාලයේදී ඔබේ මතක ශක්තිය වර්ධනය කර ගැනීමට උපකාරී වන පෝෂ්‍යදායි ආහාර ලබා ගන්න. සමබල ආහාර රටාවක් සම්බන්ධයෙන් ඔයාගේ අවධානය අවධානය යොමු කරන එක ඉතාම වැදගත්. නැවුම් පලතුරු නිතර ආහාරයට ගන්න. ඒ වගේම වැඩිපුර ජලය පානය කරන්න. මානසික ආතතිය වඩවන කැෆේන් සහ සීනි අඩංගු ආහාර අඩු කරන්න. සමහරුන්ට රාත්‍රියේදී බත් ආහාරයට ගත් විට තද නිදිමතක් එනවා. එවැන්නන් රාත්‍රියට සැහැල්ලු ආහාර ලබා ගන්න.

Read more

Local News