කන්දකාඩු හා සේනපුර ආසාදිතයින් පොකුරේ 567කට සුවයි

Share

කන්දකාඩු හා සේනපුර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට ප්‍රතිකාර කරන හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන ආශ්‍රිතව හඳුනාගත් කොවිඩ් නයින්ටීන් රෝගීන්ගෙන් 567 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව එම මධ්‍යස්ථාන ආශ්‍රිතව හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් 629 දෙනාගෙන් රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ 62 දෙනෙකු පමණි.

Read more

Local News