ක්‍රෙඩිට් කාඩ්, රන් භාණ්ඩ උකස් සහ බැංකු අයිරා පොලිය පහළට

Share

ක්‍රෙඩිට් කාඩ් සඳහා උපරිම ණය පොලිය 18% දක්වා පහත හෙළීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

 

රන් ණය අත්කාරම් පොලී අනුපාතය ද 10% දක්වා පහළ දමා ඇතැයි මහ බැංකුව සඳහන් කළේ ය.

පෙර සැලසුම් කළ බැංකු අයිරා ණය පොලිය පහත දමා ඇත්තේ 16% ලෙස ය.

ඊයේ රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වර්තමාන ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට ද තීරණය කර තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 4.5% ක් ලෙසත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතය 5.5% ක් ලෙසත් පවතිනු ඇති.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% ක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ය.

Read more

Local News