සම්පායෝ අත්අඩංගුවට ගැනීම සිදුවූ ආකාරය ගැන පරික්ෂණයක් පවත්වන ලෙස වැඩබලන පොලිස්පතිට උපදෙස්

Share

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත්කර දින 11කට පසු මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ අගෝස්තු 2වැනිදා කුරුණෑගල දී පොලිස් භාරයට පත්වුණි.

 

මේ අතර එම වරෙන්තුව ක්‍රියාත්මක කිරීමේ දී මීගමුව මූලස්ථාන පොලිස් පරික්ෂකවරයාගේ ක්‍රියාකලාපය ගැන සහ ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතාගේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස නීතිපති විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ.

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ එම අත්අඩංගුවට ගැනීම සිදුවූ ආකාරය පිළිබඳ ව නීතිපති දෙපාර්තමේන්තුවට සැකයක් මතු වී තිබෙන බවය.

මීගමුව බන්ධනාගාරයේ සිටින රැඳවියන් ට විශේෂ වරප්‍රසාද ලබා දීමත් ඔවුන්ගේ සමහර නීතිවිරෝධී ක්‍රියා සඳහා අනුබල දීම සහ සහයෝගය දීම සම්බන්ධයෙන් හිටපු අධිකාරි සම්පායෝ සහ තවත් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙක්ට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර කර සිටී.

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මේ පිළිබඳව සඳහන් කළේය.

” අද දින ගරු නීතිපතිතුමා විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත අනුරුද්ධ සම්පායෝ යන සැකකරු පොලිස් භාරයට පත්විම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් උපදෙස් ලබා දීමක් සිදු කළා. මෙම අනුරුද්ධ සම්පායෝ යන අය පොලිස් භාරයට ගත් ස්ථානයේ සිසිටිවි දර්ශණ අනුව ම්ගමුව පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරින් පිරිසක් පොලිස් ජීප් රථයකින්ද ඊට පිටුපසින් වෑන් රථයකින් පැම්ණ සිටි අනුරුද්ධ සම්පායෝ නැමැත්තාගේ සහෝදරයා ඇතුළු පිරිසත් අනුරුද්ධ සම්පායෝ ඒ ස්ථානයට ළග වන තෙක් රැදි බලා සිටින අන්දමත් නිරික්ෂණය වුනා. ඒසේම අනුරුද්ධ සම්පායෝ නැමැත්තා නැමැත්තා රතු පැහැති ස්පෝට්ස් ඩ්ස්කවරි වර්ගයේ ජිප් රථයකින් ඒ ස්ථානයට පැම්ණ රථයෙන් බැස ම්ගමුව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාගේ රථය අසළට ඇවිත් යන අන්දමත් ඒහි සටහන් වි තිබුනා. ඒම අවස්ථාවේදි අනුර්ද්ධ සම්පායෝ තම ජංගම දුරකථනය යමකු අමතම්න් සිටි ආකාරයත් ඉන් අනතුරුව ඒම දුරකථන ඇමතුම මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාට කතා කිරිමට ලබා දෙන ආකාරයත් පෙනි ගියා. තවද ම්ගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අනුරුද්ධ සම්පායෝ නැමැත්තාගේ ශරිරයට අත තබම්න් ඔහුව සුහදව පිලිගන්නා ආකාරයත් හොදින් නිරික්ෂණය කිරිමට හැකියාවක් ලැබුනා. ඒ අනුව එය අත්අඩංගුවට ගැනිමක් නොව වරෙන්තුකරුවකු පූර්ණ සැලසුමක් සහිතව සාදරයෙන් පිළිගැනිමක් බව සාමාන්‍ය දැනුමැති ඔිනැම පුද්ගලයකුට පැහැදිලි වන කරුණක් බව ගරු නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම් දිමක් සිදුකළා. එසේම මෙම දර්ශණ නැරඹිමේදි පෙනිගිය තවත් කාරණාවක් වන්නේ මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා අනුරුද්ධ සම්පායෝ යන සැකකරු පොලිස් ජිප් රථයේ පිටුපස අසුනේ රදවා ගනිමින් යම් පුද්ගලයෙක් එතනට පැම්ණෙන තෙක් අපේක්ෂාවෙන් බලා සිටින තත්ත්වයක් නීර්ක්ෂණය කළා. එම අවස්ථාවේදි ඔවුන් සතුටු සාම්ච්යේ යෙදෙන බවත් පොලිස් ජිප් රථය පිටුපස නවතා තිබෙන තවත් වෑන් රථයකින් පැම්ණ සිටින පුද්ගලයින් කිහිප දෙනෙකුට පොලිස් ජීප් රථයේ පිටුපස අසුනේ මාංචු නොමැතිව වාඩ් වි සිටින අනුරුද්ධ සම්පායෝ යන අය සමග නිදහසේ හැසිරිමටත් කතා කිරිමටත් ඉඩ ප්‍රස්ථාව ලබා දි තිබෙන තත්ත්වයක් නිරික්ෂණය කළා. එසේම ඔවුන් එසේ යම් කාලයක් එම ස්ථානයේ රැදි සිට ඇත්තේ ඒක් මාධ්‍ය ආයතනයක මාධ්‍යකරුවකුගේ පැමිණිම අපේක්ෂාවෙන් බවට සිසිටිවි දර්ශණ නැරඹිමේදි මනාව පැහැදිලි වන බව ගරු නිතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම් දිමක් සිදුකළා. එම මාධ්‍ය ආයතනයකින් පුද්ගලයෙක් පැමිණෙන තෙක් කල් ගත කළ මොවුන් එම මාධ්‍යවෙදියාගේ ජංගම දුරකථනයෙන් අනුරුද්ධ සම්පායෝ වන සැකකරු හට මාධ්‍යට කරුණු ප්‍රකාශ කිරිමට අවස්ථාව ම්ගමුව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා විසින් ම ලබා දි තිබෙන බව වැඩි දුරටත් පැහැදිලි වුනා. ඒබැවින් ගරු අධිකරණයකින් වරෙන්තු නිකුත් කරනු ලැබු අනුරුද්ධ සම්පායෝ යන සැකකරු වරෙන්තු නිකුත් වි දින 11කට පසු පොලිසිය විසින්අත්අඩංගුවට ගත් බවට මහජනතාවට ඒත්තු ගැන්විම පිණිස මේ අන්දම්න් ම්ගමුව පොලිස් පරික්ෂකවරයා අනුරුද්ධ සම්පායෝ යන සැකකරු සමග එකට එක්ව කරන ලද සාමුහික රග දැක්විම සම්බන්ධයෙන් කරුණු විමර්ෂණය කර නොපමාව වාර්තා කරන ලෙස ගරු නීතිපතිවරයා උපදෙස් ලබා දුන්නා “

Read more

Local News