මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 291ක් දිවයිනට

Share

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 291 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

 

ක්වාලාලාම්පූර් ගුවන්තොටුපළේ සිට ඔවුන් රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය අද (22) පස්වරුවේ  කටුනායක ගුවන්තොටුපළ වෙත ළඟා වූ බව වාර්තා වේ.

ඔවුන් කටුනායක ගුවන්තොටුපළේ දී පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇති බව සදහන්.

Read more

Local News