වෙළඳපොළේ ඇති කහවලින් 80% කට පාන් පිටි කවලම්

Share

අලෙවිය සඳහා වෙළඳපොළේ ඇති කහවලින් 80% කට පමණ පාන් පිටි කවලම් කර ඇති බවට අනාවරණ වී තිබේ.

 

ඒ, දිවයිනපුරා කළ වැටලිම්වලින් ය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා සඳහන් කළේ, ලබාගත් සාම්පල් ප්‍රමිති කාර්යාංශය මගින් පරීක්ෂාවට ලක් කළ බවයි.

කහවල 80% ක් පිටි කවලම් කර ඇති බව එහිදි තහවුරු වී තිබේ.

එහි කහ ඇත්තේ 20% ක් පමණක් බව සභාපතිවරයා සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, වැරදිකරුවන් වන ව්‍යාපාරිකයින්ට නඩු පැවරීමට කටයුතු කරන බවයි.

මේ වනවිට දිවයිනට කහ ආනයන කිරීම තහනම් කර තිබේ.

එසේ තිබියදී මෙරටට ගෙන්වා ඇති කහ කන්ටේනර් 62 ක් රාජ සන්තක කිරීමට ශ්‍රී ලංකා රේගුව පසුගියදා පියවර ගත්තේ ය.

Read more

Local News