රවී ඇතුළු පිරිසගේ පෙත්සම්වලට අදාළ විරෝධතා ගොනු කිරීමට සැප්තැම්බර් 4 වැනිදා තෙක් කල්

Share

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තහනම් නියෝග නිකුත් කළ පෙත්සම්වලට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා අභියාචනාධිකරණය සැප්තැම්බර් මස 4 වන දා තෙක් ලබා දී තිබේ.

 

2016 වසරේ සිදු කෙරුණු මහ බැංකු බැඳුම්කර නිකුතු දෙකක දී රුපියල් බිලියන 52 කට ආසන්න රජයේ  මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු හත් දෙනකු විසින් ගොනුකර තිබෙන පෙත්සම් අද (25) නැවතත් අභියාචනාධිකරණය සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී මෙම පෙත්සම්වලට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින වැඩ බලන පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, නීතිපතිවරයා, කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා ඇතුළු පාර්ශ්වවලට සැප්තැම්බර් මස 4 වන දා තෙක් කල් ලබාදුන්නේය.

Read more

Local News