මත්ද්‍රව්‍යවලට අබ්බැහිවූවන් හඳුනාගැනීමට ප්‍රා.ලේ කාර්යාල නිලධාරින්ට පුහුණුවක්

Share

අධික ලෙස මත්ද්‍රව්‍යවලට අබ්බැහිවූවන් හඳුනා ගැනීම හා ඔවුන් පුනරුත්ථාපනය කිරිමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ට පුහුණුවක් ලබා දීමට අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය පියවර ගෙන තිබේ.

 

මේ යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම නිලධාරීන් දෙදෙනෙකු තෝරාගෙන ඊට අදාළ පුහුණුවක් ලබා දිම සිදුකළ බව එහි සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙළගෙදර මහතා පැවසීය.

තවද තම ප්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සිටී නම් ඒ පිළිබඳ අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය දැනුවත් කිරිමට පියවර ගත හැකි බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News