නීතිවිරෝධී සංක්‍රමණිකයින්ගෙන් මෙරටට කොරෝනා පැතිර යා හැකි අවධානමක්

Share

මෙරටට නීතිවිරෝධී සංක්‍රමණිකයින් පැමිණිය හැකි බැවින් ඒ හරහා සමාජයට වසංගත තත්ත්වය පැතිර යෑමේ අවධානමක් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

 

පීසිආර් පරීක්ෂණ සමාජය තුළ සිදුකරනු ලැබුවත් කිසිදු රෝගියෙක් වාර්තා වී නොමැති බව ද ඒ මහතා පවසන ලදී.

අද(26) දිනය තුළ 228 දෙනෙක් නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටව යෑමට නියමිත බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ඊයේ දිනයේ දී නව ආසාදිතයින් 12 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2971ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඔවුන් ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පිරිසක් බව සඳහන් වේ.

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 5 දෙනෙකු ඊයේ දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමග සුවය ලැබු සමස්ථය 2816ක් දක්වා ඉහළ ගිය අතර වෛරස ආසාදිතයින් 143 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Read more

Local News