නිවසේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවකට කොවිඩ් ආසාදනය වෙයි

Share

විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය අවසන් කළ කාන්තාවකට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී තිබේ.

 

එම කාන්තාව පසුගිය ජුලි මස 31වන දින ඩුබායිහි සිට ලංකාවට පැමිණ ඇති අතර වව්නියාව නිරෝධායන මධ්‍යස්ථානයේ දී නිරෝධායනයට ලක්ව තිබේ.

එහිදී සිදුකර ඇති පී.සී. ආර් පරීක්ෂණවල දී ඇය කොවිඩ් ආසාදිතයෙකු නොවන බව තහවුරු වී තිබේ.

පසුව අගෝස්තු 15 දින ඇය සිය නිවසට පැමිණ ඇති අතර නිවසේ නිරෝධායනයට ලක්වෙමින් සිටියදී සිදුකළ පී.සී.ආර් පරීක්ෂාවකට අනුව ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් බව පුත්තලම් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

හලාවත, බංගදෙණිය ප්‍රදේශයේ පදිංචි ගැබිනි කාන්තාවක් වන ඇය මේ වන විට හලාවත මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.

Read more

Local News