O/L විභාගය පැවැත්වීමට යෝජනා වූ දිනය මෙන්න

Share

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි 18 වැනිදා සිට ජනවාරි 28 වැනිදා තෙක් පැවැත්වීමට යෝජනා වි තිබේ.

 

ඒ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසීය.

තෙවැනි පාසල් වාරය දෙසැම්බර් 24 වැනිදා අවසන් කිරිමට යෝජනා වී තිබේ.

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අයදුම්පත්‍ර යොමු කිරීම සඳහා දුන් කාලය සිකුරාදා දින (31) අවසන් වෙයි.

මෙවර විභාගය සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුත්තේ මාර්ගගත ක්‍රමවේදය මඟින් වන අතර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස අදාළ අයදුම්පත්‍ර මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සම්පූර්ණ කර යොමු කිරිමේ හැකියාව පවතී.

Read more

Local News