පාසල් දරුවන්ගේ පෝෂණ ඌනතාවයට පිළියමක්

Share

පාසල් දරුවන්ගේ පෝෂණ ඌනතාවයට පිළියමක් ලෙස පාසල් දරුවන්ට කිරි වීදුරුවක් වෙනුවට පාරම්පරික සහල් කැඳ වීදුරුවක් ලබාදීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.

 

ඊයේ (27) දින කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග ගොවිජන මන්දිරයේ පැවැති සාකාච්ඡාවක දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබේ.

පාසල් සිසු දරුදැරියන් අතර පෝෂණ ඌනතාවයන් මෙන්ම අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි බෝ නොවන රෝග ද ක්‍රමක් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දී තිබේ.

ඊට පිළියමක් ලෙස වස විසෙන් තොර පාරම්පරික දේශීය සහල්වලින් කැඳ වීදුරුවක් ලබා දීම වඩා වැදගත් බව එම සංගමය පෙන්වා දී ඇත.

ඒ පිළිබඳ අවධානය යොමු කළ කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම වැඩසටහනේ ද, ශක්‍යතා අධ්‍යනයක් සිදු කිරීම සඳහා කමිටුවක් ද පත්කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේය.

Read more

Local News