ශිෂ්‍යත්වය සහ උසස් පෙළ පැවැත්වෙන දින මෙන්න

Share

2020 වර්ෂය සඳහා නියමිත 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය 2020 ඔක්තෝබර් 11 වැනි ඉරිදා දින පැවැත්වීමට තීරණය කර ඇත.

 

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2020 ඔක්තෝබර් 12 වැනි දින සිට 2020 නොවැම්බර් 06 වැනි දින දක්වා පැවැත්වීමටත් තීරණය කර තිබේ.

ඒ අනුව, 2020 ඔක්තෝබර් 10 දින සිට 2020 නොවැම්බර් 08 වනදා දක්වා පාසල් නිවාඩු ලබා දෙනු ලැබේ.

තෙවැනි පාසල් වාරය 2020 නොවැම්බර් 09 වැනි දායින් ආරම්භ වන අතර, 2020 දෙසැම්බර් 23 දායින් අවසන් වේ.

2020 වසරේ වාර අවසාන නිවාඩුව දෙසැම්බර් 24 වැනි දා සිට 2021 ජනවාරි 01 දක්වා ක්‍රියාත්මක වේ.

ඒ අනුව, 2021 වසරේ නව පාසල් වාරය ජනවාරි 04 වැනිදායින් ආරම්භ කෙරේ.

2020 වර්ෂය සඳහා නියමිත අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි 18 සිට 2021 ජනවාරි 27 දක්වා පැවැත්වේ.

මෙම කාල පරිච්ඡේදය සියලු පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලෙස ක්‍රියාත්මක වේ. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා පමණක් 2021 ජනවාරි 01 දා සිට 2021 ජනවාරි 17 දක්වා අධ්‍යයන නිවාඩු කාලයක් හිමිවේ.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව නැවත පාසල් ආරම්භ වන්නේ 2021 පෙබරවාරි 01 දින සිටයි.

Read more

Local News