අපරාධ කල්ලි නායකයෙකුගේ සමීපතමයෙක් පොලිස් දැලේ

Share

බලපිටිය, වඳදූව ප්‍රදේශයේ දී අපරාධ කල්ලි නායකයෙකු ලෙස හදුනාගත් “පොඩි ලැසී” නමැත්තාගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

කොළඹ පොලිස් විශේෂ කාර්යය බලකා මූලස්ථානයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී ටී-56 ගිනි අවියක්, මැගසින් 04ක්, උණ්ඩ 98ක්, වෙනත් ගිනි අවි 02ක්, 53mm උණ්ඩ 53ක්, දුම්බෝම්බ 02ක්, අත්බෝම්බයක් සහ අත්විලංගුවක් සොයා ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත බාරදී ඇත.

Read more

Local News