විදෙස්ගත ලාංකිකයන් පිරිසක් ලංකාවට

Share

විදේශයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 462 දෙනෙකු අද (28) මෙරටට පැමිණ තිබේ. මාලදිවයින, එංගලන්තය සහ තුර්කියේ සිටි පිරිස් මෙලෙස ලංකාවට පැමිණ ඇත.

 

මාලදිවයිනේ මාලේ නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 4102 දරන විශේෂ ගුවන් යානයෙන් එරට රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 196 දෙනෙකු අද දහවල් 12.30ට පමණ මත්තල ගුවන් තොටුපළට ලගා වී තිබේ.

එමෙන්ම එංගලන්තයේ ලන්ඩන් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 504 දරන ගුවන් යානයෙන් එරට රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 142 දෙනෙකු හා තුර්කියේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 124 දෙනෙකු අද දහවල් 1.25 තුර්කි ගුවන් සේවයේ ටී.කේ- 730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

මෙම ගුවන් මගීන් සියලු දෙනා එම ගුවන් තොටුපළ වලදී පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

Read more

Local News