වනජීවි නිළධාරියාගේ ගිනි අවිය දඩයක්කරු සන්තකයේ

Share

පොලොන්නරුව ප්‍රදේශයේ දී දඩයක්කරුවෙක් යැයි සැක කෙරෙන පුද්ගලයෙක්ගේ නිවසේ තිබී සොයාගෙන තිබේ.  එම ගිනි අවිය වනජීවී නිලධාරීන්ට දෙනු ලබන ගිනි අවියක් බව හදුනාගෙන තිබේ.

ඊයේ වනජීවී නිලධාරීන් විසින් පොළොන්නරුව, ගල්ඔය හතරැස්කොටුව ප්‍රදේශයේ පිහිටි නිවසක් පරික්ෂාවට ලක්කිරීමේ දී වනජීවී නිලධාරීන් භාවිතයට ගන්නා විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක්, ජීව පතරොම් 3ක් යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කිහිපයක්, යුද හමුදා නිලධාරීන් භාවිතා කරන භාණ්ඩ කිහිපයක් සමග වියළන ලද දඩමස් කිලෝ 1යි ග්‍රෑම් 350ක ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

එහිදී අදාළ ගිනි අවිය හබරණ වනජීවී කාර්යාලයට අනුයුක්ත බීට්ටු වන නිලධාරියෙකුගේ බවට අනාවරණවී ඇති අතර අදාළ නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (27) ගිරිතලේ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට සහ අරලගංවිල විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර අදාළ සැකකරු සහ අත්අඩංගුවට ගත් භාණ්ඩ තොගය පොලීසියට බාර දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News