ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය : ප්‍රිමියර් ලීග් තරගාවලිය ගැන නිවේදනයක්

Share

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් මස මුල් භාගයේදී නිල වශයෙන් දියත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ.

 

LPL තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

කණ්ඩායම් 5 ක්, දින 15 ක කාලයක් තුළ තරග 23 කදී එකිනෙකා සමඟ ගැටෙන මෙම තරගාවලිය කළමනාකරණය කිරීම සහ මෙහෙයවීම සඳහා අයි. පී. ජී. (IPG) හෙවත් Innovative Production Group ආයතනය සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගිවිසුමකට එළැඹ තිබේ.

තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් 5 හි හිමිකරුවන්ගේ අයිතිවාසිකම්, රූපවාහිනී විකාශනය, නිෂ්පාදනය සහ ක්‍රීඩාංගණවල අයිතීන් පිළිබඳව සියළු මෙහෙයවීම් කටයුතු අයි.පී.ජී. ආයතනය විසින් සිදුකරනු ඇත.

කොළඹ, මහනුවර, ගාල්ල, දඹුල්ල සහ යාපනය යන දිස්ත්‍රික්ක 5 කේන්ද්‍ර කර ගනිමින් නම් කොට තිබෙන කණ්ඩායම් 5 සියලුම තරග රංගිරි දඹුල්ල, හම්බන්තොට සූරියවැව සහ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයන්හිදී පැවැත්වීමට නියම්තය.

Read more

Local News