තෙල් නෞකාව ගැඹුරු මුහුද වෙත ඇදගෙන යාමේ මෙහෙයුම

Share

පසුගිය සඳුදා (07) වැනිදා යළි වර්ධනය වූ බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න සාර්ථක‍ ලෙස පාලනය කිරීමට අද අළුයම් කාලය වන විට ආපදා කළමණාකරන කණ්ඩායම් සමත් වී ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව සදහන් කරයි.

 

ආපදාවට පත් නෞකාව මේ වන විට නැවතත් ගැඹුරු මුහුද වෙත ඇදගෙන යාම සිදු කරමින් පවතින බවත් වාර්තා වෙයි.

නෞකාව මේ වන විට සංගමන්කන්දතුඩුවේ සිට නාවික සැතපුම්  37ක් වූ ගැඹුරු මුහුදට රැගෙන ගොස් ඇති අතර, එම මුහුදු ප්‍රදේශයේ පවතින ඉතාමත් රළු ස්වාභාවය සහ දැඩි සුළං ප්‍රවාහයද හමුවේ මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

නෞකාවට කිලෝ මීටරයක් පමණ දුරක් දක්වා වූ ප්‍රදේශයේ විහිදී තිබූ ඩීසල් පැල්ලම තිබූ ප්‍රදේශය වෙත විශේෂීත රසායන ද්‍රව්‍යයක් ඉසීමට කටයුතු කරන අතර එමගින් සාගර පරිසරයට වියහැකිව තිබූ බලපෑම අවම කළ හැකි බව විශේෂඥ මතයයි.

ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයට (NARA) අයත් සමුද්‍රීය පර්යේෂණ නෞකාවක් මේ වන විට එම මුහුදු ප්‍රදේශය වෙත ළඟාවී වැඩිදුර පරීක්‍ෂණ කටයුතු වල නිරතව සිටින බවද ශ්‍රී ලංකා නාවික හමුදාව සදහන් කළේය.

Read more

Local News