කොරෝනා වසංගතය හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයින් ආදාහනය කළ යුතු බව දන්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම නොවැම්බර් මස 26 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු එම පක්ෂයේ ක්‍රියාකාරීන් සිව්දෙනෙකු සහ මුස්ලිම් ජාතිකයින් පිරිසක් විසින් මෙම පෙත්සම් 12 ක් ඉදිරිපත් කර තිබුණි.
එම පෙත්සම් අද(09) සිසිර ද ආබෲ, එල්.ටී.බී. දෙහිදෙණිය සහ එස්. තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
මෙහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ, මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් යන තනතුරු මේ වන විට වෙනස් වීම්වලට භාජනය වී ඇති නිසා ඊට අදාළ නව නිලධාරීන් නම් කර පෙත්සම් සංශෝධනය කිරීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පෙත්සම සලකා බැලීම නොවැම්බර් මස 26 වනදා දක්වා කල්තැබීමට තීන්දු කළේය.