වෛද්‍ය පීඨ සදහා ඇතුළත් කර ගන්නා සිසුන් ගණන ඉහළට

Share

සියලු රජයේ විශ්වවිද්‍යාල සදහා වෛද්‍ය පීඨ වෙත ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 369 කින් ඉහළ නැංවීමට තීරණය කර ඇත.

 

2019 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ඒ සඳහා ඉඩකඩ වෙන්කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

ඉංජිනේරු, විද්‍යා, සම සෞඛ්‍ය, කෘෂිකර්ම, කලා, පරිගණක තාක්ෂණ ඇතුළු පීඨ වෙත බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව ද, ඉහළ දැමීමට නියමිතව තිබේ.

පීඨවලට ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාවන් ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරිමට අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සදහන් කළේය.

එම කටයුතු මේ වනවිට අධ්‍යනය කරමින් පවතින බවත් මේ වසර තුළ සරසවි පිවිසුම සඳහා තවත් සිසුන් 20,000කට අධික සංඛ්‍යාවකට ඉඩ සැලසීමට අවශ්‍ය පියවර ගනිමින් ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News