මහනුවරදී පැහැර ගත් පාසැල් සිසුවියට සිදුවූ දේ

Share

අද (15) පෙරවරුවේ මහනුවර ප්‍රධාන පෙලේ පාසලක සිසුවියක් ඇයගේ නිවස ඉදිරිපිට දී පැහැරගෙන ගොස් ඇත.

 

ඇයව පැහැරගත් බවට පැවසෙන පිරිස විසින් පැය තුනකට පමණ පසුව ප්‍රදේශයේ තවත් පාසලක් අසල ඇය දමා ගොස් ඇති බව පොලීසිය සදහන් කරයි.

අද පෙරවරු 6.45 ට මහනුවර බහිරවකන්ද ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි මෙම සිසුවිය නිවසින් පිටතට පැමිණ ඇත්තේ මුඛ ආවරණයක් ලබා ගැනීමට අසල නිවසකට යාම සඳහා වන අතර එහිදී ඇයව යම්කිසි පිරිසක් විසින් වෑන් රථයකින් පැමිණ පැහැරගත් බවට පසුව ඇයගේ මව්පියන් පොලීසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව පොලීසිය එම නිවසට පැමිණ විමර්ශන කරන අතර තුර අදාළ පාසල් සිසුවියගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා ගෙන ඇත.

පසුව පොලිස් තොරතුරු සන්නිවේදන ඒකකය විසින් ඇයගේ ජංගම දුරකථන සංඥා ඔස්සේ පරීක්ෂා කිරීමේ දී අනාවරණ වී ඇත්තේ මහනුවර නගරයෙන් ස්ථාන කිහිපයක ගමන් කරන බවය.

අනතුරුව ඇයව ප්‍රදේශයේ පිහිටි තවත් ප්‍රධාන පෙලේ පාසලක් අසල පෙරවරු 9.45 ට පමණ දමාගොස් සිටිය දී පොලිසිය විසින් සොයා ගනු ලැබු අතර ඇයව පැහැරගත්තේ කවුරුන් ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ කරගෙන් නොමැති අතර ඒ පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි

Read more

Local News