අංගොඩ ලොක්කා බලපෑම් කර ලබාගත් ඉඩම් ගැන අනාවරණය වෙයි

Share

අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කාට ඉඩම් අත්පත් කර ගැනීම සඳහා මුදල් ලැබුණු ආකාරය ගැන ක්‍රියාකිරීමට නීතිපති උපදෙස් ඉල්ලා තිබෙන බව පොලීසිය සදහන් කරයි.

 

මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඒ සම්බන්ධයෙන් ක්‍රියාකිරීම සඳහා නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව පොලීසිය පවසයි.

අංගොඩ ලොක්කා බලහත්කාරයෙන් සහ බලපෑම් කර ලබාගත් ඉඩම් අක්කර 5 කට ආසන්න ප්‍රමාණයක් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබේ.

සැකකරු ඉන් රුපියල් ලක්ෂ දෙදහසක අයුතු ලාභයක් උපයා ඇති බවට මෙතෙක් සිදු කළ විමර්ශනවලදී තහවුරු වී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

පොලීසිය පැවසුවේ, වැල්ලම්පිටිය, අංගොඩ, ගොතටුව හා මුල්ලේරියාව ඇතුළු ප්‍රදේශවල ඉඩම් සැකකරු විසින් සිය ඥාතීන්ගේ නම්වලින් ලබාගෙන ඇති බවයි.

2019 වසරේදී ඉඩම් 12 ක් අත්පත් කරගෙන ඇති අතර එහි සමස්ත භූමි ප්‍රමාණය පර්චස් 309 කට ආසන්නය.

Read more

Local News