මංතීරු නීති කඩ කරන රියදුරන්ට මොකද වෙන්නේ ?

Share

අද (16) සිට ත්‍රීරෝද රථ සහ යතුරුපැදි වම් පසු මංතීරුවේ පමණක් ධාවනය කළ යුතු බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සදහන් කරයි.

 

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ මංතීරු නීතිය ක්‍රියාත්මක වුවද යතුරුපැදි සහ ත්‍රීරෝද රථ නිසි පරිදි මංතීරු නීතිය අනුගමනය නොකිරීම හේතුවෙන් ඇති වන රථ වාහන තදබදයට පිළියමක් ලෙස මෙය ක්‍රියාත්මක වන බවයි.

ලබන බ්‍රහස්පතින්දා සිට මංතීරු නීති කඩ කරන රියදුරන් වෙනුවෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

Read more

Local News