විජයකලා මහේෂ්වරන් දේශපාලන පළිගැනීම් කොමිසමට කැඳවයි

Share

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියට පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

 

විජයකලා මහේෂ්වරන් මහත්මියට අද (17) පෙරවරු 10.00 ටජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබේ.

එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු රත්තරන් මංකොල්ලකෑමකට සම්බන්ධ චාවකච්චේරිය පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු පොලිස් නිලධාරීන්ගෙන් මිදී මාංචු දමාගෙන පලාගොස් වැවකට පැන තිබේ.

එම අවස්ථාවේ දී අදාළ පුද්ගලයා මියගොස් ඇති අතර සිද්ධියට අදාළව පැවති නඩු විභාගයේ දී යාපනය මහෙස්ත්‍රත් අධිකරණය මඟින් එය ස්වභාවික මරණයක් බවට තීරණය කර තිබු අතර යහපාලන ආණ්ඩුව පැවති සමයේ විජයකලා මහේෂ්වරන් මහත්මියගේ මැදිහත් වීම යටතේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නැවත නඩු පවරා ඇති බව සඳහන් වේ.

එහිදි එය මිනීමැරුමක් බවට නියම කර අදාළ පොලිස් නිලධාරීන් වරදකරුවන් බවට පත් කර ඇති අතර අනතුරුව ඔවුන් බන්ධනාගාර ගත  කර තිබේ.

අධිකරණ තීන්දුවක් ලබා දී තිබියදීත් දේශපාලන අරමුණින් යුතුව ව්‍යාජ සාක්ෂි මත චෝදනා ගොනු කිරිම හේතුවෙන් අසාධාරණයට ලක්වූ බව පවසමින් බන්ධනාගාරගතව සිටින පොලිස් නිලධාරී මයුරන් ඥානලිංගම් නමැත්තාගේ බිරිඳ විසින් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

එම පැමිණිල්ලට අදාළව අද දිනයේ හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය වගඋත්තරකරුවෙකු ලෙස නම් කර  ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මෙම කැඳවීම සිදුකර තිබේ.

Read more

Local News