අංගොඩ ලොක්කාගේ මරණයට හේතුව මෙන්න

Share

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මද්දුමගේ ලසන්ත පෙරේරා නොහොත් “අංගොඩ ලොක්කා“ගේ මරණය විෂ ශරීර ගතවීමක් හෝ සැකකටයුතු හේතුවක් මත සිදුවුවක් නොවන බවට අනාවරණය වී ඇත.

 

එම මරණය හෘදයා බාධයක් නිසා සිදුවි තිබෙන බවට සිදුකළ පරික්ෂණවලදී හෙළි වි ඇති බව ඉන්දීය මධ්‍යම අපරාධ කාර්යාංශය සඳහන් කරයි.

පසුගිය ජුනි මස 03 වනදා කොයිම්බර්තූර්හි රෝහලක දී මියගිය බවට වාර්තා වු අංගොඩ ලොක්කාගේ මරණය විෂ ශරීරගත වීමකින් සිදුවූවක් බවට විවිධ වාර්තා පලවී වු අතර පරික්ෂණවල දී එම මරණය ස්වභාවික හේතුවක් මත සිදුවූවක් බවට නියමනය කළ හැකි බව ඉන්දීය මධ්‍යම අපරාධ කාර්යාංශය සඳහන් කර ඇත.

මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “අංගොඩ ලොක්කා“ ඉන්දියාවට පලාගොස් ව්‍යාජ ලියකියවිලි භාවිත කරමින් “ප්‍රදීප් සිං“ යන නමින් වසර දෙකක පමණ කාලයක් පෙනී සිට ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ ය.

“අංගොඩ ලොක්කා“ ඉන්දියාවේ දී මියගොස් ඇති බවට මෙරට ආරක්ෂක අංශ විසින් මෙතෙක් සනාථ කර නැත.

Read more

Local News