කළුතර බන්ධනාගාරයේ රැඳවියෙක් සියදිවි හානි කරගෙන

Share

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු කළුතර බන්ධනාගාරයේ රදවා සිටි රැඳවියෙක් ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබෙන බව වාර්තා වෙයි.

 

පසුගිය 15 වන දින අදාළ පුද්ගලයා හොරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ මොරටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබු අතර සැකකරු බන්ධනාගාර වැසිකිළිය තුළ දී සිය ඇඳුමක් ආධාරයෙන් සියදිවි හානි කරගෙන ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

අඟුලාන ප්‍රදේශයේ පදිංචි ව සිටි 38 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස සියදිව් හානි කරගෙන තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මළ සිරුර නාගොඩ රෝහලේ තබා ඇත.

Read more

Local News