මෙරට කොරෝනා රෝගීන් ගණන 3276ක් දක්වා ඉහළට

Share

මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 3276ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ නව කොරෝනා ආසාදිතයින් පස්දෙනෙකු හඳුනාගැනීමත් සමගයි

ඊයේ(17) දිනයේ ඕමාන් හි සිට පැමිණි දෙදෙනෙකුෙ, මැඩගස්කරයේ සිට පැමිණි එක් අයෙක්, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු සහ කටාර් හි සිට පැමිණි පුද්ගලයෙකු ආසාදිතයින් ලෙස හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

ඒ අනුව සමස්ථ ආසාදිතයින් 3276 දෙනාගෙන් ආසාදිතයින් 220 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

ඊයේ දිනයේ දී කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්  22 දෙනෙකු  සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ථය 3,043 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද (18) දිනයේ දී විදෙස්ගතව සිටින පුද්ගලයින් 111ක් මෙරට පැමිණීමට නියමිත බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

අද දිනය වන විට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් 42,582ක් නිවෙස් බලා පිටව ගොස් තිබේ.

එසේම ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 59ක් තුළ පුද්ගලයින් 5,895 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටින බව ද එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ඊයේ දිනය තුළ මෙරට පීසීආර් පරීක්ෂණ 1640ක් සිදුකර ඇති අතර, මෙරට සිදුකර ඇති සමස්ථ පරීක්ෂණ සංඛ්‍යාව 262,378 කි.

Read more

Local News