වත්තල ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Share

වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද(21) රාත්‍රී 8.00 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපහාන මණ්ඩලය පවසයි.

 

ඒ අනුව එම ප්‍රදේශවලට අද රාත්‍රී 8.00 සිට හෙට(22) රාත්‍රී 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවයි.

වත්තල, තෙලගපාත, ඇවරිවත්ත, හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ, බලගල, ගලහදූව සහ ඇළකන්ද යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේ ය.

Read more

Local News