ජනපති එක්සත් ජාතීන්ගේ එක්දින සමුළුව අමතමින් කළ ප්‍රකාශය

Share

අප එක්සත් ජාතීන්ගෙන් රාජ්‍යයන්හී අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම, අපේක්ෂා කරන්නෙමු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරයි.

 

වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතීන්ගේ ඉහළපෙළේ එක්දින සමුළුව අමතමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර තිබේ.

ලෝකය පොදු හා අසමාන තර්ජනයකට මුහුණ පා සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, “අපට අවශ්‍ය එක්සත් ජාතීන්” යන පාඨය රාජ්‍යන්ගේ ස්වෛරී සමානාත්මතාවට සහ භෞමික අඛණ්ඩතාවට දක්වන ගෞරවය නිසි අවධානයට ලක් කරනු ඇතැයි තමා විශ්වාස කරන බව පෙන්වා දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, සුළු පිරිසකගේ අවශ්‍යතාවට කිසිදු රටක් ප්‍රාණ ඇපයට නොගැනීමෙන්, සාමාජික රටවල් සහ එක්සත් ජාතීන් අතර හවුල්කාරීත්වය මෙන්ම එක්සත් ජාතීන්ගේ තිරසර පැවැත්ම උපරිමයෙන් සාක්ෂාත් කරගත හැකි බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් බවයි.

එක්සත් ජාතීන්ගේ 75 වන සංවත්සරයට සමගාමීව ඉහළපෙළේ එක්දින සමුළුව මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 7.45 ට නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කේන්ද්‍ර කර ගනිමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ආරම්භ වී තිබේ.

මහ මණ්ඩල සැසිවාරයේ සභාපති වොල්කන් බොස්කීර් සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනිටෝ ගුටරෙස් 75 වන සමුළුවේ පළමු සහ දෙවන ප්‍රකාශ සිදු කළ අතර රාජ්‍ය නායකයින් 180 දෙනෙකු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමතූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Read more

Local News