20 වැනි සංශෝධනයට විරුද්ධව තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට

Share

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ආණ්ඩුකාරවරයෙකු මෙන්ම කැෆේ සංවිධානයේ ප්‍රධාන විධායක රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වෙයි.

 

අදාළ පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇති අතර පෙත්සම්කරු කියා සිටින්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුළ අඩංගු ඇතැම් වගන්ති වලින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය වන බවයි.

එවැනි වගන්ති සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයක් පමණක් ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවත් ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් ඒවා ජනමත විචාරණයකට යොමු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News