සාමදාන විනිශ්චයකාරවරයෙක් වෙන්න නම් මේ සුදුසුකම අනිවාර්යයි

Share

අධිකරණ අමාත්‍යාංශය විසින් සාමදාන විනිශ්චයකාරවරුන් වශයෙන් පත්වීම් ලබා දීමේ දී මින් ඉදිරියට ඒ සඳහා වයස අවුරුදු 60ට අඩු අයට සාමාන්‍ය පෙළ විභාගය සමත්වීම අනිවාර්යය බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සදහන් කළේය.

 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (24) දින පාර්ලිමේන්තුවේදීය.

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ….

“සාමදාන විනිශ්චයකාරවරුන් පත් කිරීමේ දී දැනට තියෙන කරුණු අනුව අවම සුදුසුකමක් නැහැ.“

“ඉදිරියේ දී වයස අවුරුදු 60ට අඩු සාමදාන විනිශ්චරයකාරවරුන් පත් කිරීමේ දී අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත්වීම සලකා බලන අතර වයස අවුරුදු 60ට වැඩි අයට ඔවුන් දැනට යෙදෙන සමාජ සේවා සැලකිල්ලට ගෙන විකල්ප අධ්‍යාපන සුදුසුකම් සලකා බැලීමට තීරණය කර තිබෙනවා.“

“මම විශ්වාස කරන ආකාරයට අධ්‍යාපන සුදුසුකම් මත පමණක් පදනම් වෙලා සමාදාන විනිශ්චයකාරවරුන් පත් කිරීම සුදුසු නැහැ. ඊට වඩා, සමාජ සේවය කරන ඒ සඳහා කැපවෙන, ඒ සඳහා වෙලාව තියෙන අය තෝරා පත්කර ගැනීම සඳහා කටයුතු කරනවා. ඒ අනුව සාමාන්‍ය පෙළ තමයි පදනම හැටියට සලකන්නේ.“

Read more

Local News