මෙරට කොරෝනා රෝගීන් ගණන 3333ක් දක්වා ඉහළට

Share

ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 3333ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

 

ඒ ඊයේ (24) නව ආසාදිතයන් 09 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.

එම හදුනාගත් රෝගීන් අතර ඉරාන, කටාර්, එක්සත් ආරාබි එමීර්, මාලදිවයින් සහ කුවේට් සිට පැමිණ නිරෝධායන වෙමින් සිටින පුද්ගලයින් 09 දෙනෙකු සිට්යි.

අද (25) දිනය වනවිට පුද්ගලයින් 44,788 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ආසාදිතයින් 178ක් තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

අද දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 68ක් තුළ පුද්ගලයින් 6,562 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඊයේ දිනය තුළදී PCR පරික්‍ෂණ 1612ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 275,590 ප්‍රමාණයක් සිදුකර ඇත.

එසේම, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 646 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන සම්පූර්ණ කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 04 දෙනෙකු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Read more

Local News