සහල් වැඩ් මිලට අලෙවි කරන වෙළඳුන්ට සිදුවෙන දේ

Share

රජය සහල් මෙට්‍රික් ටොන් 50,000 ක් ආනයනය කිරීමට සැලසුම් කර ඇත.

 

සහල් මෝල් හිමියන් වෙළෙඳ පොළේ කෘත්‍රීම සහල් හිගයක් ඇති කළ හොත් එම සහල් තොග ආනයනය කරන බව වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය සඳහන් කළාය.

ලක් සතොස හරහා එම සහල් වෙළඳ පොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ද ඇය ප්‍රකාශ කළාය.

නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 96 ක මිලකටත් සම්බා සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 98 ක මිලකටත් අලෙවි කළ යුතු වන සේ උපරිම සිල්ලර මිලක් පනවා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේය.

නොවැම්බර් හා දෙසැම්බර් මාස ඉලක්ක කර ගනිමින් මෙම සහල් තොගය ආනයනය කිරීමට සැලසුම් කර තිබෙන අතර උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළඳුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් මේ වනවිට ක්‍රියාත්මකයි.

එවැනි වෙළෙදුන් 44 ක් පසුගිය දිනවල කළ වැටලීම් වලදී හඳුනා ගෙන තිබේ.

Read more

Local News