වැඩ බලන පොලිස්පති ජනාධිපති කොමිසම හමුවේ කරනු ලැබූ ප්‍රකාශය

Share

ඊයේ(24) දිනයේ වැඩ බලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙනු ලැබිණි.

 

ඒ මහතා සාක්ෂි දෙම්න් එහිදි පැවසුවේ අපක්ෂපාතීව ක්‍රියා කරන පොලිස්පතිවරයකු සිටී නම් පොලිස් කොමිසමක් අවශ්‍ය නොවන බවයි.

පොලිස් කොමිසම මඟින් පොලිස්පතිවරයාගේ බලතල දුර්වල කිරීමක් කරන බවත් පොලිස් කොමිසමක් පොලිසියේ එදිනෙදා පරිපාලන කටයුතුවලට ඇඟිලි ගැසීම් නොකළ යුතු බවත් වික්‍රමරත්න මහතා පෙන්වා දෙනු ලැබිය.

පොලිස් කොමිසමකින් සිදු විය යුත්තේ පොලිස්පතිවරයා හා එක්ව යහපත් පොලීසියක් නිර්මාණයට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම බවත් ඒ මහතා වැඩ්දුරටත් එහිදි ප්‍රකාශ කළේය.

ලලිත් ජයසිංහ මහතා නැවත පොලිස් සේවයට අවශ්‍ය කරන පොලිස් නිලධාරියකු බවටත්, මානුෂීය හා සානුකම්පිත හේතු මත ඔහු යළි සේවයට ගන්නා ලෙසට තමන් නිර්දේශ කළත් ජාතික පොලිස් කොමිසම එය ප්‍රතික්ෂේප කර ඇති බවට සාක්ෂි ඉදිරිපත් කරමින් වික්‍රමරත්න මහතා සදහන් කළේය.

Read more

Local News