තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරයි

Share

ගොඩගම, කොස්ගොඩ ප්‍රදේශයේ දී අද(25) දින පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු බහින් බස්වීමක් දුරදිග යෑමෙන් එක් පුද්ගලයෙක් ඝාතනයට ලක්ව තිබේ.

 

එක් පුද්ගලයෙකු විසින් අනෙක් පුද්ගලයාට තියුණු ආයුධයකින් පහර දී ඇති බව පොලිසිය පවසයි.

තුවාල ලැබු පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 34ක් වු කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඝාතනය සිදුකළ පුද්ගලයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News