ගත වු පැය 24ක කාලය තුළ බස්නාහිර පළතේ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1481ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.
වීසා නොමැතිව මෙරට රැඳී සිටි විවිධ ජාතීන්ට අයත් පුද්ගලයින් 47ක් ද ඒ අතර සිටින බව පොලීසිය සදහන් කරයි.
විවිධ අපරාධ සිදුකර පොලීසිය මඟහරිමින් සිටි සැකකරුවන් 70ක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර මෙතෙක් නොවිසඳුනු අපරාධ 80ක් විසඳා ඇති අතර, දුෂණ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 777 දෙනෙක් හා අධිකරණය මඟහරිමින් සිටි වරෙන්තුකරුවන් 326ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.