නව ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නෑ – තිස්ස

Share

නව ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සදහන් කළේය.

ඊයේ(27) දිනයේ සෝමාවතිය රජමහා විහාරය වැඳපුදා ගැනීමටෙ පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්විමින් ඒ මහතා මේ බව පැවසීය.

20වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් සිදුකරන්නේ ආණ්ඩුව විසින් සිය බලය තහවුරුකර ගැනීමට උත්සහ දැරීමක් බවත්
රට මුහුණ දී ඇති ජාතික ගැටලු සඳහා විසදුම් සෙවීමට කිසිවිටක දී ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බවත් 19වන ව්‍යවස්ථාවේ ගැටලු ඇත්නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බවත් මන්ත්‍රීවරයා වැඩ්දුරටත් සදහන් කළේය.

Read more

Local News